එළඹෙන සඳුදා (06) පාර්භෝගික කටයුතු සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
එම පනත සංශෝදනය කරනු ලබන්නේ විශේෂයෙන් භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන සහ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම පනතට අනුව තනි පුද්ගලයින් හෝ තනි පුද්ගල ව්‍යාපාර සහ සමාගම් ලෙස දඩ මුදල් පැනවීම කෛාටස් කර ඇති අතර තනි පුද්ගල ව්‍යාපාරයක උපරිම දඩ මුදල රුපියල් 20,000 සිට ලක්ෂ 10 දක්වා ඉහළ නංවා ඇත.
එමෙන් ම සමාගමක උපරිම දඩය ලක්ෂ 02 සිට කෝටිය දක්වා ඉහළ දමා ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.
තනි පුද්ගලයෙක් සඳහා පැවති අවම දඩය වූ රුපියල් 1,000 රුපියල් 100,000 දක්වා ඉහළ දමා ඇති අතර සමාගමක් සඳහා පැවති අවම දඩය වූ රුපියල් 10,000 රුපියල් 500,000දක්වාත් ඉහළ දමා ඇත.