මහේස්ත්රාත්වරයෙකුට අයත් පිළියන්දල – මඩපාත ප්රදෙශයේ පිහිටි දෙමහල් නිවසක් කුලී පදනම මත ලබා දීමට ඔහු විසින් දැන්වීමක් පළ කර තිබු අතර ඊයේ (11) වන දින එම නිවස බැලීමට පුද්ගලයෙකු පැමිණ ඇත .කුලී නිවස බැලීමට ආ පුද්ගලයා මහේස්ත්රාත්වරයාගේ සුඛෝපභෝගී මෝටර් රථයෙන් අදාළ නිවස වෙත පැමිණ ඇති බව කියයි.
මහේස්ත්රාත්වරයා අදාළ පුද්ගලයාට නිවස පෙන්වන අවස්ථාවේදී එම පුද්ගලයා විසින් මහේස්ත්රාත්වරයා නිවසේ උඩු මහලෙහි සිර කොට මහේස්ත්රාත්වරයාට අයත් සුඛෝපභෝගී මෝටර් රථය පැහැර ගෙන පළා ගොස් ඇති බව වාර්තා වේ.