දුම්රිය රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අද (13) දින කාර්යාල දුම්රිය 5 ක් ඇතුළුව දුම්රිය ගමන් වාර 10ක් අවංගු කර ඇති බව වාර්තා වේ.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන් . ජේ . ඉදිකොලගේ ප්‍රකාශ කළේ පුත්තලම මාර්ගයේ හලාවත – කොළඹ දක්වා ධාවනය වීමට තිබු දුම්රිය ගමන්වාර 2ක් , පොල්ගහවෙල – මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය 2ක් , මුහුදුබඩ මාර්ගයේ ගමන් කිරීමට නියමිතව තිබු හික්කඩුව – මරදාන ,අලුත්ගම මරදාන සහ කළුතර මරදාන දක්වා ධාවනය වීමට තිබු දුම්රිය ගමන්වාර 3ක් , මහව – කොළඹ කොටුව දුම්රියත්, රඹුක්කන – කොළඹ කොටුව සහ කුරුණෑගල – කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබු දුම්රිය කිහිපයක්ද අවලංගු වූ බවයි.