2024 වර්ෂයේ සිට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල විෂය නිර්දේශ යාවත්කාලින කරන බව කොළඹ පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ප්‍රකාශ කළ බව වාර්තා වේ. එමෙන්ම අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබද ප්‍රතිපත්තිය සති දෙකක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරත්තු වන බව එතුමා වැඩි දුරටත් සදහන් කරන ලදී .