2009 වර්ෂයේදී LTTE නායක වේලුපිල්ලේ ප්රභාකරන් මියගිය බව දෙස් විදෙස් විවිධ මාද්‍ය ඔස්සේ ලෝකයාව දැනුවත් කර ඇති නමුත් ලෝක දෙමල සංවිධානයේ සභාපති පී නෙදුමාරන් අද (13) දින තමිල්නාන්ඩුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ඔහු ජීවත්ව සිටින බව වාර්තා වේ.
වැඩි දුරටත් ඔහු සදහන් කර තිබෙන්නේ ලොව වසන සියලුම දෙමල ජනතාව සහයෝගය දීමට එක්සත්ව සිටිය යුතු බවත්නොබෝ දිනකින් ප්රභාකරන් ජනතාව අතරට පැමින දෙමළ ජනතාවට යහපත් සමාජයක් නිර්මාණය කරණ බැවින් නායකයා ජනතාව අතරට පැමිණෙන තෙක් ඔහුද කුතුහලයෙන් බලා සිටින බවයි.
එසේම තමා මෙම ප්‍රකාශය කරනුයේ ප්රභාකරන්ගේ පවුලේ අයද දැනුවත්ව බව පවසා ඇති බවද සදහන් වේ.
මේ අතර ඉන්දීය මාද්‍ය වේදියකු වන RK රාධාක්‍රිෂ්ණන් විසින් ප්රභාකරන් ජීවත්ව සිටින බව විවිධ මාද්‍ය හා කණ්ඩායම් කරණ අසත්‍ය ප්‍රකාශයන් හට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.
මෙවැනි බොරු ප්‍රචාර තුලින් ශ්‍රී ලංකාවේ ජන කොටස් අතර ගැටුම් ඇතිවිය හැකි බවයි රාධාක්‍රිෂ්ණන් වැඩිදුරටත් පවසා ඇත්තේ.