මහියංගනය – පදියතලාව මාර්ගයේ දෙහිගොල්ල පාසල අසළ තිබී පිරිමි මළ සිරුරක් හමු වී ඇති අතර එහි අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.
මිය ගිය පුද්ගලයා උස අඩි 5 යි , අගල් 2 ක් පමණ වන තලෙලු සිහින් සිරුරක් ඇති කොණ්ඩය අගල් 1.5 ක් පමණ වැවී ඇති දකුණු කකුලේ දණහිසට පහළින් බෙහෙත් දමන ලද තුවාලයක් ඇති අතර අවුරුදු 65 ත් 70 ත් අතර පසුවන පුද්ගලයෙකු බව පොලීසිය ප්‍රකාශ කරයි.
මරණකරු සුදු පැහැති ටී ෂර්ට් එකකින් සහ සුදු පැහැති කොට කලිසමක් ඇද සිටි බව කියයි.
එමෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සදහා මහියංගන රෝහලේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක බව මහියංගන පොලීසිය ප්‍රකාශ කරයි.