“මූ’ නමැති කොරෝනා වෛරස් විකෘතිය ලොව පුරා පැතිර යන බව වාර්තා වෙයි. එසේම මෙම වෛරස් ප්‍රබේදය ලොව මේ වන විට නිෂ්පාදනය කර තිබෙන එන්නත් වලට ප්‍රතික්‍රියා නොකරන බවද වෛරස් පිළිබද විශේෂඥයෙකු වන හේමාන් දෝස් මූක් ප්‍රකාශ කර තිබේ. මේ වෛරස් ප්‍රබේදය දැඩි අවදානම් කොරෝන වෛරස් ප්‍රබේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙනවා.
මෙම කොරෝනා විකෘතිය මුලින්ම කොලොම්බියාවෙන් සොයා ගෙන තිබෙන අතර මේ වන විට රටවල් 40 ක පමණ පැතිර තිබෙන බවද වාර්තා වෙයි. මේ වන විට කොලොම්බියාවේ කොරෝනා වෛරස් ආසාධිතයන්ගෙන් 34% කටත් වඩා “ මූ “ වෛරසය අසාධනය වී තිබෙන බවද වාර්තා වේ. ගාඩියන් වෙබ් අඩවිය සදහන් කරන්නේ , මෙම විකෘතිය මගින් ශරීරය තුල පවතින ස්වාභාවික ප්රතිශක්තියද, සම්පූර්ණයෙන්ම අද පන කරන බවයි. මෙම විකෘතිය අසාධානය වූ පුද්ගලයන් 20 දෙනෙකු මේ වන විට බ්‍රිතාන්‍යයෙන් හදුනාගෙන තිබෙන අතර එම සියලු පුද්ගලයන් කොරෝනා වැළක්වීමේ ඖෂධ එන්නත් ලබා ගත් අය බවද ගාඩියන් වෙබ් අඩවිය සදහන් කරයි. මීට පෙර දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් “ බීටා “ ප්‍රබේදයේ ලක්ෂණද මෙම “මූ “ වෛරසය තුල දක්නට ලැබෙන බවද සදහන් වේ.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වලට අනුව මෙම වෛරසය සීඝ්රයෙන් පැතිර යන අතර ඊක්වදෝරයේ කොරෝනා අසාධිතයන්ගෙන් 13% ක් “ මූ” වෛරසය අසාධිතයන්ගෙන් සමන්විත වන බවද බහුතරයක් එන්නත්කරණයට ද ලක්ව තිබෙන බවද සදහන්ය. එසේම ඔවුන් දෙවන වරටත් වෛරසය ආසාධනය වුවන් බවටද සදහන් වේ. වෛරස් විශේෂඥයෙකු වන සෝන් එලියට් පවසන්නේ “ මූ “ විකෘතිය මේ දක්වාම සීඝ්‍ර පැතිර යාමක් සිදුව සිදුව නොමැති බවය. ඩෙල්ටා, අයෝටා, කැප්පා, ලැම්ඩා සහ මූ ප්‍රබේද 5 ම නැගී එන ප්‍රබේද බව ඔහු සදහන් කර තිබේ. මේ වන විට රටවල් 175 ක පමණ ඩෙල්ටා ප්‍රබේදය පැතිර ගොස් තිබෙනවා, මෙම වෛරස් ලොව පුරා පැතිරීම වලක්වා ගැනීම සදහා සමහර රටවල් වල ගුවන් ගමන් සීමා පවා පනවා තිබෙනවා. කෙසේ වුවත් ලෝකයේ අනාගත ඉරණම කෙබදු වේ දැයි යන්න තවමත් මත පළකර නැති අතර මෙම වෛරස් ප්‍රබේද ලොව පුරා පැතිර යාමට තවත් බොහෝ කාලයක් ගත විය හැකි බවද විශේෂඥයන් මත පල කර තිබේ. කෙසේ වුවත් මේ සටහන තබන අපගේ මතය නම් කොවිඩ් වෛරසය තුලින් නවීන වෛද්‍ය විද්‍යාවට කැළලක් එක් කර තිබෙන බවය. එසේම, තවමත් අදුරේ අත පත ගාමින් ලෝක පාලකයන් මානව සංහතියම විනාශය කරා ගෙන යන බව පැහැදිලිවම පෙන්නුම් කරන අතර, දැන්වත් සත්‍ය නිසි ලෙස වටහා නොගතහොත් ඇති වන කැළල මැකී නොයනු ඇත.