සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ඊයේ ( 14 ) දින ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල ප්රදේශීය සභාවේ සභාපති රංකොත් පේඩිගේ නොයෙල් දසන්ත ස්ටීවන් සිය ධූරයෙන් ඉවත් කර ඇති බව ප්රකාශ කර ඇත.
මෙම ගැස්ට් නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ මාවනැල්ල ප්රදේශීය සභාවේ සභාපතිවරයා ඔහුගේ ධූරයේ කටයුතු කිරීමෙදී 1987 අංක 15 දරණ ප්රදේශීය සභා පනතේ185 (1) වගන්තියේ සදහන් වැරදි කිසිවක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කර බලා මාස 3කැතුළත වාර්තාවක් ආණ්ඩුකාරවරයා වෙත ලබා දෙන බවයි.
එම පරීකෂණය සදහා විශ්රාමික මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර පත්කර ඇති බව ගැසට් නිවේදනයේ සදහන් කර ඇති බව කියයි.