පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව එළඹෙන සදුදා දින රට වටෙන්ම ජනතාව කොළඹට කැදවා ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටලන බව කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
මැතිවරණය කල් දැමීමට රජය ගෙනයන යටිකූට්ටු වැඩ පිළිවෙල පරාජයට පත් කරන බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන ක්‍රියාකාරීන් සියලු දෙනා එදින විරෝධතාවය සමග එක්වෙන බව ද ඔහු පැවසීය.