ඊයේ (16) රාත්රියේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් පීල්ලවත්ත ආඩිඅම්බලම ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා යාතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැගව සිට ඇති පුද්ගලයෙකු විසින් මරණකරුට වෙඩි තබා පලා ගොස් ඇති බව කියයි.
ඝාතකයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු ක්රියාත්මක වන බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බව කියයි.