අද (06) දින පාර්ලිමේන්තුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත විය.
කථානායකවරයා සඳහන් කලේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132කුත් විපක්ෂව ඡන්ද 51කුත් ලැබුණු බවයි.
මේ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පිළිබඳ ඡන්ද විමසීමේ දී එම යෝජනාව වැඩි ඡන්ද 81කින් සම්මත විය.