ඇෆ්ගනිස්තානයේ සිටින තලේබාන් සංවිධානය සහ පන්ෂිර් නිම්නයේ රැදී සිටින ඇෆ්ගන් හමුදාව සමග මේ වන විට දරුණු සටන් පවතින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. මේ වනවිට තලේබානුවන් 700 කට වඩා මියගොස් තිබෙන බව නිල නොලත් වාර්තා සදහන් කරනවා.
එසේම නිල නොලත් වාර්තා වලට අනුව, තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පන්ෂිර් නිම්නයේ රැදී සිටින ඇෆ්ගන් හමුදාවට යටත් වෙන ලෙසත්, ඔවුන්ට සමාව දෙන බවත් කියා තිබෙනවා. සියලු අන්තවාදී කණ්ඩායම් තලේබාන් සංවිධානය සමග එක්ව තිබෙන අතර ඔවුන් සියලු දෙනාම එකතුව පන්ෂිර් නිම්නයේ සිටින හමුදාවන් වෙත පහර දෙන බවද සදහන් වෙනවා.
ඇෆ්ගන් හමුදාව නොහොත් උතුරු සන්ධානය පවසා ඇත්තේ තම එකම ඉලක්කය වනුයේ, අන්තවාදීන් ඇෆ්ගනිස්තානයෙන් පන්නා දමා, ඇෆ්ගනිස්තාන් ජනතාව වෙනුවෙන් පූර්ණ නිදහස් රාජ්‍යක් උරුම කර ගැනීම බවයි. ඒ වෙනුවෙන් තමන් සටන් කරන බව ද සදහන් කර තිබෙනබව ජාත්‍යන්තර වාර්තා සදහන් කරයි.
දරුණු ගැටුම් තිබෙන එම ප්‍රදේශයේ බිම් බෝම්බ වල දමා තිබෙන බැවින් තලේබානුවන්ට ඉදිරියට යාම අසීරු වී ඇති අතර, විදේශ හමුදා සහාය ලැබෙන අහමද් මසුත් ප්‍රමුක කණ්ඩායම තලේබානුවන් පලවා හරිමින් ඉදිරියට ඇදෙන බවද සදහන් වෙනවා. ඔහුගේ එකම අරමුණ නිදහස ලබා ගැනීම බව සදහන් වන අතර ටජිකිස්තානයෙන් ඔවුන්ට ආහාර සහ රුසියාවෙන් යුද්ධා ආයුධ නොකඩවා සැපයෙනවා. මේ වන විටත් තලේබාන් සංවිධානය විශාල පරාජයකට ලක්ව ඇති අතර පවුන් පසු බසින බවද ජාත්‍යන්තර වාර්තා සදහන් කරයි.