ලබන අගහරුවාදා පැය 12 ක් වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා ඇති බව සදහන්වේ.
එම මණ්ඩලය පවසා ඇත්තේ එදින පෙරවරු 10 සිට රාත්‍රී 10 තෙක් ජලසැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
ජලසම්පාදන මණ්ඩලය පවසන්නේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජලය අත්හිටවනු ලබන්නේ වත්තල, හැදල, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, නායකකන්ද, ගලහදුව, මරදාන පාර,හුණුපිටිය, වෙඩිකන්ද, වෙවල්දුව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නව පාර, පාදිලියාතුඩුව පාර, දළුපිටියා පාර හා අක්බාර් ටවුන් පාලමදක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ප්‍රකාශ කොට ඇත්තේ.