රුපියල් කෝටි අටකට අධික මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අද (06) විශේෂ කාර්ය බලකාය මගින් මෙම වැටලීම සිදු කර ඇති අතර, ඔත්තුකරුවෙක්ගෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. වත්තල පොලිස් වසමේ 583/15, මීගමුව පාර, වත්තල ලිපිනයේ මෙම වැටලීම සිදු කර ඇත. එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි කි.ග්රෑ. 625,000 ක් සහ සීනි පැණි තොගයක් ඇතුළු භාණ්ඩ නීති විරෝධී ලෙස අනවසරයෙන් ගබඩා කර සගවා තබා ගනිමින් සීනි පැණි හා සීනි වශයෙන් ජාවාරම් කිරීමේ කූඨ ව්‍යාපාරයක ගබඩා භාරකරු ලෙස සිටි පුද්ගලයෙකු අදාළ භාණ්ඩ සමගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශණ නිලධාරී චමින්ද ඉන්දික පියරත්න මහතා ඇතුළු නිලධාරින් වෙත භාර දෙන ලදි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාප අණදෙන නිලධාරි ජේෂ්ඨ පොලිස් අධිකාරි රොයි සුමනවර්ධන මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි අරුණ කටුගම්පල මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති , ප්‍ර.පො.ප. ඩී.එස්. කුලසේකර මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ වල දල වටිනාකම රුපියල් කෝටි අටකට අධික වේ.