පවතින නිරෝධායන ඇඳිරි නීති කාලපරිච්ඡේදයේ ගත වූ සතියක කාලසීමාව තුළ රුපියල් බිලියන 46.43 වටිනා අපනයන ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කර ඇත.
මෙම කාලය තුළද තම සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් අගෝස්තු 28 වන දා සිට සැප්තැම්බර් 03 වන දා දක්වා වුසතියක කාලය තුළ මෙම අනුමත කිරීම් කර ඇති බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 9.34ක් ආනයන බදු වශයෙන් එකතුකර ඇති බවත් මෙම වසංගත තත්ත්වය හමුවේ රේගු නිලධාරීන්දට එහි බලපෑමක් ඇති නමුත් රටේ ආර්ථික ස්ථායිතාව ආරක්ෂාකර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙස අනුගමනය කරමින් රේගු සේවාවන් සමාන්යපරිදි පවත්වාගෙන යන බවත් ය.