කැළණිය ප්රංශවත්ත පාර සහ සරසවි මාවතේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද ( 21) පෙරවරු 10 සිට රාත්රී 10 දක්වා පැය 12ක කාලයක් කැළණියේ ප්රදේශ රැසකට ජල කප්පාදුවක් කෙරෙන බව ජාතික ජල සම්පදන හා ජලාපවාහන මණ්ඩලය ප්රකාශ කරයි.
ඒ අනුව වත්තල , අල්විස් ටවුම , වැලිකඩමුල්ල , හැදල , මාබෝල , නායකකන්ද , කෙරවලපිටිය , හුණුපිටිය , ගලගහදූව මරදාන පාර , වේවැල්දූව , කිරිබත්ගොඩ නවපාර , වෙඩිකන්ද , පාදිලියාතුඩුව , ප්රංශවත්ත , දළුපිටිය පාර සිට අක්බාර් ටවුමේ පාලම දක්වා වූ ප්රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බව කියයි.