ඊයේ (20) දින කාන්තාවක් ලොරි රථයකට යටවී මියයාමේ පුවතක් කඩුවෙල , නවගමුව ප්රදේශයෙන් වාර්තාවේ.
වාර්තාවන ආකාරයට මියගිය කාන්තාවගේ බෑනා විසින්ම ලොරි රථය පදවා යමින් සිටියදී මෙම කාන්තාව එම ලොරි රථයටම හසු වී මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල , රණාල ප්රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් බව සදහන්ව ඇත.
ලොරි රථයේ රියදුරු විසින් මියගිය කාන්තාවට ආහාර පාර්සලයක් ගෙනවිත් දීමෙන් අනතුරුව එය ලබාගත් කාන්තාව මාර්ගය හරහා යමින් සිටියදී එම ලොරි රථයටම යටවී අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
නවගමුව පොලිසිය විසින් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන බව වාර්තා වේ.