කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ යල කන්නයට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36000ක් රැගත් නෞකාවක් මාර්තු මාසයේදී කොලඹ වරායට පැමිණීමට නියමිත බවයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ මුල්‍ය ආධාර යටතේ ලැබුණු මෙම මඩ පොහොර යල කන්නයේ වී වගාවට යෙදීමට ගොවීන් හට නොමිලේ ලබාදීමට රජය විසින් තීරණය කර ඇති බවයි.
ඊජිප්තුවේ සිට ලංකාවට ලැබීමට නියමිත මෙම මඩ පොහොර තොගය යල කන්නය ආරම්භ කිරීමට පෙර ගොවියා හට ලබාදීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.