ඉදියානු ණය ක්‍රමය යටතේ මේ වන විට බස් රථ 165 ක් මෙරටට ලබා දී ඇති අතර ඊයේ (21) දිනයේදී ද හෝමාගම – පනාගොඩ පිහිටි ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ දී බස් රථ 40 ක් ලංකා ගමනාගමන මණ්ඩලය වෙත භාර දීම සිදු වූ බව කියයි.
එමෙන්ම මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහනය වඩාත් ශක්තිමත් කිරීම සදහා මේ වර්ෂය තුළ බස් රථ 500ක් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රකාශ කරන ලදී.මෙය 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව සිදු කරන බව කියයි.