ජපානයේ ඉබරාකි ප්රාන්තයේ දී සිදු වූ රිය අනතුරකින් ලාංකික තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.මෙම තරුණයින් දෙදෙනා අවුරුදු 26 සහ 27 වයස් වල පසුවන මාතර සහ ආරච්චිකට්ටුව යන ප්රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
මොවුන් දෙදෙනා වසර 6ක කාලයක් එරට සේවය කළ තරුණයන් වන අතර ඔවුන් දෙදෙනා මිතුරන් ද වන බව කියයි.
මොවුන්ගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී පසුව විදුලි කණුවක වැදීම නිසා බලපතල තුවාල ලබා ඇති අතර මොවුන් රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටියදී පසුගිය දා ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.