වෙළදපොලේ පවතින වාහන අමතර කොටස්වල මිල 300%කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව වෙළදපොල ආරන්චි මාර්ග වාර්තා කරයි.එමෙන්ම මෙසේ මිල වැඩි වී ඇත්තේ ප්‍රධාන ලෙස බැටරි , කණ්නාඩි , වාහන තහඩු , එන්ජින් , ආලෝක ලාම්පු ඇතුළු වාහන අමතර කොස් බව පංචිකාවත්ත අමතර කොටස් අලෙවිකරුවන් ප්‍රකාශ කරයි.
ආනයනය කිරීමේදී සමහරක් මූල්‍ය ආයතන ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් අමතර කොටස් ගෙන්වීමට බධා එල්ල වී ඇති බව ඔවුන් චෝදනා කරයි.එමෙන්ම වෙළදපොලේ වාහන අමතර කොටස් හිගයක් ද පවතින බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට මෙවැනි තත්ත්වයක් හමුවේ පසුගිය වසර 5 තුළ මෙරටට ගෙන්වූ වාහන සියයකට පමණ යෙදිය හැකි වාහන අමතර කොටස් තොගයක් ඔරුගොඩවත්ත රේගු බහාලුම් පර්යන්තයේදී පසුගියදා විනාශ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රේගු ආදායම් අධීක්ෂණ බලකායේ අධ්‍යක්ෂක ඩී.බී.එම්.සමරතුංග ප්‍රකාශ කළේ එම අමතර කොටස් වෙළදපොළට නුකුත් කළහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවධානමක් පවතින නිසා මෙසේ විනාශ කළ බවයි.