පළාත් පාලන ඡන්දය මාර්තු 9 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව අද (24) පෙරවරුවේ රැස් වී තිබූ අතර කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු නිසා මාර්තු 9 වන දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එදින නොපැවැත්වෙන බව වාර්තා කරයි.පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 3 වනදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
එමෙන්ම ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබා ගැනීම සදහා මැදිහත් වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉදිරිපත් කිරීමට ද තීරණය කර තිබෙන බවත් එහිදී මාර්තු 9 වන දින පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව සිදු කළ කාර්යයන් පිළිබදව තොරතුරු ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් කියයි.
මෙම සාකච්ඡාව සදහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා සහ එහි සාමාජිකයින් වන එම්.එම්.මොහොමඩ් , කේ.පී.පී.පතිරණ , එස් .බී. දිවාරත්න යන අය සහභාගී වූ බව වාර්තා වේ.