රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත් ලබා දීම නවත්වන්න යැයි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ වන විටත් එම වයස් කාණ්ඩයේ අයට සයිනොෆාම් එන්නත් ලබා දීම සුදුසු බවට නිර්දේශ කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේ මෙරට සතු කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් තොගය පාසල් ළමුන් සඳහා ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.