පෞද්ගලික බස් රථයක් අනුරාධපුර සිට කළුතර දක්වා ධාවනය වෙමින් තිබියදී අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ඒරියගම ප්රදේශයේදී මගීන් නංවා ගැනීමට නවතා තිබියදී අධික වේගයෙන් පිටුපසින් පැමිණි කැබ් රථයක් බසයේ ගැටී මාරක අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් එක් අයකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල කරුවන් දෙදෙනකු තබුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුන් දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව සදහන් වේ.
කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි සදහන් වන්නේ.