වත්මන් රජය මගින් පාස්කු පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබානොදෙන්නේ නම් ජාත්‍යන්තරය හාරහා හෝ ඒ පිලිබදව සදාරණයක් ඉටු කරගැනීමේ කිසිදු වැරද්දක් නොමැති බව ද පසු ගිය රජයටද එහි වගකිව යුත්තන් සෙවීමේ වුවමනාවක් නොතිබූ බවද අති පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි ප්‍රකාශ කරන ලදී.
වැඩි දුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ,
“ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීත්‍යානූකූල වැඩිපිළිවෙලක් කළ යුතුය. පසුගිය යහපාලන රජයේ වගකිවයුත්තන් ඒ වගකීම කළේ නැත. ඒ නායකයෝ තමන්ගේ වගකීම ඉටුකළේ තැනි නිසා තමයි ඒ වාගේ සිද්ධියක් වුණේ. ඒ සිද්ධිය වුණාට පසු වැරදිකරුවන් සොයන්නට පසුගිය ආණ්ඩුව උනන්දු වුණේ නැහැ. මේක තනි ආගමික කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට හෝ කාදිනල්වරයාට හෝ පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නට බැහැ. මේක රටක ප්‍රශ්නයක්. මේ ප්රශ්නය විසදන්න තමයි මේ පාලකයෝ ඉදිරියට ආවේ. ඉතින් ඒ දේ කරන්නට ඕනේ. මෙයින් විපතට පත්වුණු විදේශිකයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ ප්රශ්නය ජාත්‍යන්තරයට යා යුතු ප්‍රශ්නයක් . හැබැයි ඊට කලින් අපේ පාලකයෝ දුරදක්නා නුවණින් බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්න. අවංක භාවය මෙතන අංක එක”. ලෙසද උන් වහන්සේ ප්‍රකාශ කරන ලදී.