එංගලන්තය හා නවසීලන්තය අතර පැවති දෙවන ටෙස්ට් ක්රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම එක් ලකුණකින් ජය ගැනීමට අද (28) දින සමත්ව ඇති බව වාර්තාවේ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 435ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලබාගත හැකි වුයේ ලකුණු 29ක් පමණි.
ඒඅනුව තරගයේ දෙවන ඉනිමේ පලමුව පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 483කට සියලු දෙනා දැවී යන ලදී.
එංගලන්ත කණ්ඩායමට ඒ අනුව තරගයෙන් ජය ලබාගැනීමට ලකුණු 258 ක ඉලක්කයක් හිමිවිය. නමුත් එංගලන්ත කණ්ඩායමේ සියලු ක්රීඩකයන් ලකුණු 256ක් තුල දැවීයාමත් සමග දෙරට අතර ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්විය.