අද (12) පස්වරුවේ සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20යි 20 දෙවන තරඟය පැවැත්වීමට නියමිත ය.
අද පස්වරු 07.00ට මෙම තරඟය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දි පැවැත්වීමට නියමිත අතර පසුගිය සිකුරාදා පැවති තරඟයේ ජය හිමිවූයේ දකුණු අප්‍රිකාවටය.
කුසල් ජනිත් පෙරේරා අද තරඟයට ද සහභාගී වීම අවිනිශ්චිත වන අතර ඔහු සහභාගී නොවන්නේ නම් භානුක රාජපක්ෂට තවත් අවස්ථාවක් හිමිවනු ඇත.
එසේම, පසුගිය දා පැවති තරඟයේ එකම ලකුණු ලාභියා වූයේ දිනේෂ් චන්දිමාල් වන අතර අද තරඟයේ ඔහු අංක 03 ස්ථානයට පිටියට පිවිසෙනු ඇතැයි අපේක්ෂිතය.
ක්වීන්ටන් ඩී කොක් සහ ඩේවිඩ් මිලර්ගේ පැමිණීමත් සමග ශක්තිමත් වූ දකුණු අප්‍රිකා පිල මෙම තීරණාත්මක තරඟයේ දී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් වනු ඇත.
අද තරඟය ජය ගැනීම සඳහා ප්‍රහාරාත්මක පිතිකරුවන් ක්‍රියාත්මක විම අත්‍යවශ්‍ය වනු ඇත.