හබරණ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු ගලෙන්බිදුණුවැව ප්රදේශයේ තිබූ විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත නිවස කරා එමින් සිටිය දී යක්කල , මෙගොඩවැව 16 කණුව ප්රදේශයේ දී ඔහු ගමන් කළ කැබ් රථය අනතුරට ලක් වුණු බව වාර්තා වේ.
රියදුරි අධික ලෙස බීමතින් සිට ඇති අතර රියදුරුට කැබ් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ අසළ තිබූ ගසක ද ගැටී අසළ තිබූ කුඹුරකට පෙරළී ගොස් ඇති බව කියයි.
අනතුරින් කැබ් රථයට දැඩි අලාභ හානි සිදු වූවද රියදුරුට කිසිදු හානියක් සිදු නොවුණු බව වාර්තා කරයි.