සිංගප්පූරුවේ දී වාර්ෂිකව පවත්වනු ලබන කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ දී ශ්රී ලංකාව නියෝජනය කරමින් මොරටුව ප්රදේශයේ පදිංචි හෂිනි හේවගේ මහත්මිය සහභාගී වූ අතර මෙම තරගාවලියේ උස සෙන්ටිමීටර් 163 පංතියේ ” ස්පෝට්ස් මොඩල් ” අංශයෙන් තරග කර ඉන් ජයග්රහණය ලබා රන් පදක්කම මෙන්ම සමස්ත තරගාවලියේම දක්ෂතම ක්රීඩිකාව ලෙස තෝරා පත් වෙමින් එයට හිමි කුසලානයද දිනා ගත් බව වාර්තා වේ .
මැය වෘත්තියෙන් ඩුබායි හි ගණකාධිකාරීවරියක් ලෙස කටයුතු කරන බව සදහන් කරයි.
එමෙන්ම ඇය අද (02) අලුයම 4.45 ට පමණ ඩුබායි හි සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.