එළඹෙන ඔක්තෝබර් මස සිට පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙම වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර මේ වන විට රටවල් සිය සංචිත ප්‍රකාශයට පත් කරමින් සිටියි.
මේ අනුව 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඉදිරිපත් වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකත්වය හිමිව ඇත්තේ ධනංජය ද සිල්වාටය.
ශ්‍රී ලංකා සංචිතය,
- දසුන් ශානක – නායක
- ධනංජය ද සිල්වා – උප නායක
- කුසල් ජනිත් පෙරේරා
- දිනේෂ් චන්දිමාල්
- අවිෂ්ක ප්‍රනාන්දු
- භානුක රාජපක්ෂ
- චරිත් අසලංක
- වනිඳු හසරංග
- කමිදු මෙන්ඩිස්
- චාමික කරුණාරත්න
- නුවන් ප්‍රදීප්
- දුෂ්මන්ත චමීර
- ප්‍රවීන් ජයවික්‍රම
- ළහිරු මධුසංඛ
- මහීෂ් තීක්ෂණ
අතිරේක ක්‍රීඩකයින් ,
- ළහිරු කුමාර
- බිනුර ප්‍රනාන්දු
- අකිල ධනංජය
- පුළින තරංග