මාර්තු මස 09 වන දින පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට පසුගිය සිකුරාදා දින රැස් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් තීරණය කර ඇති අතර රටේ පවතින මූල්‍ය තත්ත්වය ඇතුළු කරුණු සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයන්ට පැමිණීමෙන් පසු මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝදිත දිනය අද (03) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ .
අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සමාජිකයින් මෙසේ රැස් වීමට නියමිත අතර අද (03) දහවල් වන විට මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන බව කියයි .