චීන රජයෙන් මෙරටට ලබා දුන් ඩීසල් තොගය කඩිනමින් ගොවි ජනතාව වෙත බෙදා හරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරින්ට නියෝග කර ඇත්තේ ඩීසල් තොගය බෙදා හැරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබීමෙන් අනතුරුවයි.
අක්කර භාගයේ සිට අක්කර දෙක හමාරක් දක්වා වගා කළ ගොවීන්ට මෙම ඩීසල් තොගය බෙදා හැරෙන අතර හෙක්ටෙයාරයකට ඩීසල් ලීටර් 15ක් ගොවීන්ට නොමිලේ ලබා දීමට නියමිත බවට වාර්තා වේ. ඒ අනුව ඩීසල් බෙදා දීමට පෙර ඒ සදහා අවශ්‍ය ටෝකන් පත් අද(03) දින සිට නිකුත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.