මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම සදහා අද (03) උදෑසන මැතිවරණ කොමිෂන් සභාව රැස් වුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණය , මුදල් අමාත්‍යවරයා ඇතුළු ලේකම්වරයාට නිකුත් කළ නියෝගයක් හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියේ මුල් දින කිහිපයට කල් දැමූ බව වාර්තා වේ.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඡන්දය පැවැත්වීමට අදාළ වන සියලු පාර්ශව සමග සාකච්ඡා කොට පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.