ශ්‍රී ලංකාවේ වර්තමාන ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. නමුත් අමාත්‍යංශයේ සියලුම පාලන කටයුතු කරගෙන යනු ලබන්නේ ආරක්ෂක ලේඛම්වරයා ප්රමුඛ ආරක්ෂක අමාත්‍යංශ පාරිපාලනය විසිනි. ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම්ගේ දුර්වලතාවය නිසා ජානධිපතිවරයෙකුට මෙන්ම අග්රාමාත්යවරයෙකුට පලා යාමට සිදු වුවා පමණක් නොව මහජන රාජ්‍යයක පැවැත්ම සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. රටට ආදරය කරනා , කපටි නොවන මිනිසුන් සිටිනා වෙනත් රාජ්‍යයන් වල නම් ආරක්ෂක අමාත්‍යවරයා පමණක් නොව සමස්ත ආරක්ෂක මණ්ඩලයම ඉවත් වී නිවසට යන්නේ තමන් වැරදි බැවින් එය දරාගැනීමට නොහැකි බැවැනි. වර්තමාන ජනාධිපතිවරයා රට යතා තත්වයට පත්කරමින් සිටින විට අමනෝඥ නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා නිසා සිදුවන්නේ එයට බාදා ඇති වීම පමණි.
රටේ ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු කරනා රටේ නීතිය හෝ මාධ්‍යකරණයේ සදාචාරය පවා නොදත් මහජන නිල ඇදුමෙන් ආඩම්බර වූ එහෙත් රටට බරක් වූ සමහර නිලධාරීන්ගේ නීති විරෝදී කටයුතු හේතුවෙන් අප මාධ්‍ය ආයතනය පවත්වාගෙන යාමට නොහැකි තරම් තර්ජන එල්වෙමින් පවතී. අපගේ විමර්ශනාත්මක ලිපි පළකරනුයේ අපට අවශ්‍ය සාක්ෂි මතය. එසේ පලකරනු ලබන ලිපියට පිළිතුරු ලබාදීමට අගතියට පත් පාර්ශ්වයට ඉඩ තිබේ. පසුගියදා ආරක්ෂක ලේඛ්මවරයා හා සම්බන්ධ ලිපියක් අප පළකරමින් එම ලිපියට සාක්ෂි සහිතව පිළිතුරු ලබාදෙන ලෙස එම ලිපියේම සඳහන් කර තිබේ. මාධ්‍යකරණය හෝ නීතිය නොදත් ආරක්ෂක අමාත්‍යංශයේ වගකිව යුතු නිලධාරීන් පිළිතුරු ලබා දෙනවා වෙනුවට විවිධ තර්ජන කිහිපයක් අප ආයතනයේ හිමිකරුට සිදුකර තිබේ. මීට පෙරද ඔවුන් ලිඛිතව තර්ජනය කල අතර එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද ගොනුකර තිබේ. එසේම ඔවුන්ගේ එම තර්ජනය හේතුවෙන් කතෘ ඉවත් කර තිබෙන අතර ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී සිටි මාධ්‍යවේදින්ද ඉවත් කිරීමට හිමිකරු කටයුතු කරන ලද්දේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනි.
කුමන රජයක් පත් වුවත් පවතින නීතියට අනුව කටයුතු කිරීම සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම වේ. ඔවුන් නීතියට පටහැනිව කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. වර්තමාන ජනාධිපතිවරයා යටතේ මේ වන විට අධිකරණයන්වලින් විශිෂ්ඨ නඩු තීන්දු ලැබෙමින් පවතී. ඉන් කියවෙන්නේ මෙරට නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත වෙමින් පවතින බවයි. ඒ හේතුවත් සමගම ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතාට සහ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂක වන කර්නල් නලීන් හේරත්ට එරෙහිව පෞද්ගලික නඩු පැවරීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතී.
එබැවින් අප කනගාටුවෙන් සදහන් කරනුයේ “රාවණා ලංකා මාධ්‍ය ආයතනයේ” සේවය කරන්නේද ආරක්ෂක හමුදාවන වලින්, පොලිස් දෙපාර්තමේන්තුවෙන් මෙන්ම වෙනත් රාජ්‍ය ආයතවලින් විශ්‍රාම ගිය විශිෂ්ඨතම පුරවැසියන්ය. අප සියලුම දෙනාගේම එකම ඉලක්කය වන්නේ සත්‍ය මත පමණ කටයුතුකරමින්, එහෙත් සැකයේ වාසිය අගතියට පත්වන පාර්ශ්වය වෙනුවෙන් ලබා දෙමින් “ අධිකරණයක සාක්ෂි විමසීමේ” ක්‍රියාවලියට අනුව ලිපි ලිවිමය. ලිපිවලට පිළිතුරු ලබා නොදීම එම චෝදනා පිළිගැනීමකි. ඒ හැර ආරක්ෂක අමාත්‍යංශයේ සිටින යුද්ධ වෙනුවෙන් පුහුණුවලත් නිලධාරීන්ට හෝ භටයන්ට අවශ්‍ය ආකාරයට අප ලිපි නොලියන බව කනගාටුවෙන් සදහන් කරමු.
එසේම අප ආයතනයේ හිමිකරුට යම් හානියක්, විනාශයක් වුවහොත් වගකිව යුත්තේ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු බලධාරීන් බව අප අවසන් වශයෙන් සටහන් කරන්නෙමු. එසේම ඔහුට යම් අනතුරක් සිදු වුවත් මෙම වෙබ් අඩවිය හෝ ලිවීම නොනවතින බවද සතුටින් සටහන් කරමු. එබැවින් ආරක්ෂක අංශ අපගේ විනා ඔවුන්ගේ නොවන බවත්, ඒවායේ රාජකාරි කරන භටයන් හෝ නිලධාරීන් වැරදි කරන්නේ නම් ඒවා අනාවරණය කරමින් එම ආයතන සුරක්ෂා කිරීම අපගේ මෙන්ම මහජන වගකීමක් බව අවධාරණය කරන්නෙමු. එසේම ඔවුන් සියල්ලෝම විශ්‍රාම ගිය පසු සාමාන්‍ය මිනිසුන් බවට පත්වන අතර එවිටද ඔවුන් ආරක්ෂා කරන්නේ, ආරක්ෂක අංශවල ඊ ලග පරපුර බවද, ඊ ලග පරපුර වෙනුවෙන් යහපත් ආරක්ෂක හමුදාවක් නිර්මාණය කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම බවද අවධාරණය කරන්නෙමු.
වර්තමාන සිද්ධියට අදාළ ලිපිය