ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව ඇති මැදින් පුර පොහොය දිනය අදට යෙදී තිබේ.
බුද්ධත්වයෙන් පසු පළමු වරට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම අද වැනි පොහෝ දිනයකදී සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.
කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කිරීම ද සිදු වූ බවත් ශාක්‍ය සහ කෝලීය දෙපිරිස නියෝජනය කරමින් තවත් බොහෝ පිරිසක් ද බුදු සසුනේ පැවිදි වීම වැනි සිදුවීම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේදී සිදුවූ බව සඳහන් වෙයි.
රට පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පවැත්වෙයි.
චායාරූප අන්තර්ජාලයෙන්