විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් විසින් පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 20 වන දාට පෙර පවත්වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසන් සභාව වෙත ලිපියකින් දැනුම් දී තිබූ අතර එහි සදහන් කර තිබුණේ විපක්ෂයේ නියෝජිතයින් අද (07) මැතිවරණ කොමිසම හමුවට පැමිණෙන ලෙසයි.
ඒ අනුව විපක්ෂයේ නියෝජිතයින් අද (07) මැතිවරණ කොමිසම හමුවට පැමිණීමට නියමිත අතර මෙම සාකච්ඡාවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය , මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා , පොලිස්පති ඇතුළු සියලුම පාර්ශව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ .