සුඛෝපභෝගී ජිප් රථයක ගමන් කරමින් සිටියදී පානදුර පිංවත්ත ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කළ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය රුපියල් ලක්ෂ විස්සක කොන්ත්රාතුවක් මත සිදු වූවක් බවත් එම කොන්ත්‍රාත්තුව ඝාතකයාට ලබා දී ඇත්තේ එම පවුලේම සමීපතමයෙක් බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ .
කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයින් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇතැයි ද විමර්ශන අංශ පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරු සහ යතුරුපැදිය පැදවූ පුද්ගලයා ගිනි අවිය සමග පෙරේදා (05) පොලිස් අත්අඩංගුවට ගෙන පැය 48 ක රදවා ගැනීමේ නියෝගයක් අධිකරණයෙන් ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබුණි.
මෙම ව්‍යාපාරිකයා දෙදරු පියෙකි. ඔහු සිය නීත්‍යානුකූල බිරියකගෙන් ඉවත් වී වෙනත් කාන්තාවක් සමග පානදුර ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටි අතර එම කාන්තාව මෙම ව්‍යාපාරිකයාගේ බිරියගේ ඥාති සොයුරියකි. ඇයත් දෙදරු මවකි .
ඇය වෙනුවෙන් විශාල වත්කම් ප්‍රමාණයක් මෙම පුද්ගලයා විසින් ලබා දී ඇති පිංවත්ත ප්‍රදේශයේ ඇයට විශාල නිවසක් ද ඉදිකරමින් සිට තිබේ.
එමෙන්ම ඔහු නීත්‍යානුකූල බිරියගෙන් වෙන් වීමට ද නීති කටයුතු ආරම්භ කර තිබී ඇත .
මෙම ව්‍යාපාරිකයාත් , ඔහුගේ බිරියත් , පසුව ඔහු සමග ජීවත් වූ කාන්තාවත් , මේ ඝාතනයට සම්බන්ධ පැදිකරු සහ ඝාතකයාත් ඇල්පිටිය තෙලිකඩ ඉපදී හැදී වැඩුණු අයය. මේ තත්ත්වය ද විමර්ශන අංශවල අවධානයට යොමු වී ඇත . ඝාතනය වූ ව්‍යාපාරිකයා කඩවතට පැමිණ ඇත්තේ පසු කාලයකදීය.
දැනට හෙළිවන පරිදි මෙම ඝාතකයාත් , පැදිකරුත් ව්‍යාපාරිකයා හොදින් දන්නා අදුනන ඔහුගේ ගම් පළාතේ අයය. ලක්ෂ 20 ක මුදල් තණ්හාවට කොන්ත්‍රාත්තුව භාර ගනු ලැබුවද ඔවුන් පළපුරුදු වෙඩික්කරුවන් නොවන බවත් ඝාතනය සදහා පැමිණි යතුරු පැදිය එම පැදිකරුම පාවිච්චි කරමින් සිටි යතුරු පැදිය බවත් විමර්ශන වලදී හෙළි වී ඇත . පැදිකරු බස් රථයක කොන්දොස්තර කෙනෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.
වෙඩික්කරු පොඩි ව්‍යාපාර කරමින් ජීවත් වූ පුද්ගලයෙකි. ඔවුන් දෙදෙනා කොටු වන්නේ පැදිකරු විසින් මග අත් හැර ගිය යතුරු පැදියේ චැසි අංකය සහ එන්ජින් අංකය ඔස්සේ කරන ලද විමර්ශනවලදීය.
( ලංකා සර )