ලොව පැරණිතම ජීවමාන වෘක්ෂය වන ශ්රී මහා බෝධින් වහන්සේට නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයෙන් නිකුත් කරන වාෂ්පයේ ඇති විෂ අම්ල තර්ජනයක් විය හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්රී ලාංකික දෙමළ සංගමයක් වන ඉලංකෙයි දෙමළ සංගම් විසින් වාර්තා කරන ලදි.
ශ්රී ලංකාවේ විශාලතම තාප බලාගාරය වූ මෙය ලක්ව්ජය බලාගාරය නොරොච්චෝලේ බලාගාරය ලෙසද හැදින්වෙන අතර මෙම බලාගාරය පුත්තලම ,නොරොච්චෝලේ ,කල්පිටිය අර්ධද්වීපයේ දකුණු කෙලවරේ පිහිටා තිබෙන බවට වාර්තා වේ