කෑගල්ල පළාත්බද මහාධිකරණයේදී අද (08) චූදිතයින් පස් දෙනෙකුට මරණ දඩුවම ලබා දුන් බවට වාර්තා වේ.
එලෙස මරණ දඩුවම හිමි වීමට හේතුව 2014.07.03 වන දින කෑගල්ල පොලිස් වසමේ දේවාලගම,කහගල්ල ප්රදේශයේ නිවසක සාදයක් අතරතුර පුද්ගලයකුට සිමෙන්ති ගලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ජයකිද අල්විස් මහත්මිය විසින් අදාළ නියෝගය නිකුත් කල බවට වාර්තා වේ.