අද (06) දිනයේ දී එන්නත්කරණය පිළිබඳ විශේෂ තාක්ෂණික කමිටුව රැස්වීමට නියමිතව ඇත.
එම රැස්වීමේ දී පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන පිළිබඳව හා එන්නත්කරණය සිදුකරන කාණ්ඩ පිළිබඳව අවධානය යොමුකර සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ..
මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ ,පාසල් ආරම්භ කිරීම හා පාසල් සිසුන්ට එන්නත්කරණය සිදුකරන ක්‍රමවේදය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කර ඇති බවත් රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමය විසින් ද යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඒවාද සැලකිල්ලට ගනිමින් අද දිනයේදී තීරණයකට එළඹෙන බවය.
එසේම ඉදිරි සති දෙක තුන ඇතුලත ළමුන් 200ට අඩු පාසල් විවෘත කිරීමට ද රජය සැලසුම් කර ඇත.