විෂ්‍යභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඛනිජ තෙල් සංවර්ධන පනත ලබන මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීමට බලාපොරොත්තු වන බවයි.
ඛනිජ තෙල් අධිකාරිය පිහිටුවීමෙන් අනතුරුව මෙරට ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂනය සඳහා ආයෝජනය කිරීමට ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සමාගම් සඳහා ආරාධනා කරන බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.
ඔහු මේ පිළිබඳව අදහස් දක්වා ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.