අද(17) දිනයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන විමර්ශන කමිටුව රැස්වන අතර එහිදී මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව ඇත.
කෙසේ හෝ මේ වන විට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් ඒ සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කිරීම සම්බන්ධයෙන්ද මෙහි දී අවධානය යොමු කරන බවයි පවසන්නනේ.
ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරන්නේ සංචරණ සීමා ලිහිල් කළහොත් ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ආරම්භ කිරීම සිදුකරන බවය.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (16) දිනයේ සඳහන් කරන්නේ මේ වන විට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කළ යුතු බවයි.
ශ්‍රී ලංකාව තවමත් කොවිඩ් අධි අවදානම් රතු කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් රතු කලාපයේ සිට කොළ කලාපය දක්වා රට රැගෙන ඒම සඳහා ඉදිරි සැලසුම් සකස් කළ යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.