දිවයින පුරා දැනට ක්‍රියාත්මකව පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 01 වන දා තෙක් දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අද දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේ දී අදාළ තීරණය ගත් බවයි ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.