අද (09) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළට පොලීසිය සහ හමුදාව ඇතුල් වීම වැළැක්වීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වේ.එමෙන්ම මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව ද අමාත්‍යවරයා සදහන් කරන ලදී.
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරන ලද්දේ ශිෂ්‍යයින් සම්බන්ධ ප්‍රශ්න වලදී ඕනෑම අවස්ථාවක ඒ සදහා සිය අමාත්‍යාංශය පෙනී සිටින බවයි.