අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යමින් පවතින බවත් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන යාමට කටයුතු කරන බවත් සහ ඉදිරි කාලය තුළදී ඉන්ධන මිල අඩු කිරීමට හැකි වන බවත් ය.
එමෙන්ම රුපියලේ අගය වැඩි වීමත් සමග නව ඉන්ධන තොග අඩු මිලට ලබා ගන්නා බවත් කොළඹ වරායට ගෙන එන ඉන්ධන අඩු මුදලකට ලබා ගැනීමට හැකි බවත් එම ප්‍රතිලාභය පාරිභෝගිකයන් වෙත සලසා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කරන ලදී.