එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකාව බලා පිටත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට නිව්යෝර්ක් නුවරට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා විසින් ජනාධිපතිතුමා ඇතුලු දූත පිරිස නිව්යෝර්ක්හි ජෝන් එෆ් කෙනඩ් අන්තර්ජාතික ගුවන්තොටුපළේදී පිළිගෙන ඇත.
එළඹෙන 21 වන දින එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇරඹීමට නියමිත අතර හෙට (20) මහ මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව ආරම්භවන අතර ඒ සඳහා සහභාගී වීමට රටවල් රැසක රාජ්‍ය නායකයින් මේ වන විටත් නිව්යෝර්ක් නුවරට පැමිණ ඇත.
එසේම රාජ්‍ය නායක සමුළුවේ දෙවන දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශනයක් සිදු කිරීමට නියමිතව ඇති අතර 23 වනදා පැවැත්වෙන ආහාර පද්ධති සමුළුමේදී සහ 24 වන දා පැවැත්වීමට නියමිත බලශක්ති පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේ දී ද ජනපති අදඑහස් දැක්විමට නියමිතය.