තිස්සමහාරාම සඳුන්ගම ,මුතියම්මාගම ප්රදේශයේ දී ත්රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇති බව වාර්තාවෙයි.
ඊයේ (18) පසුවරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ ,තිස්සමහාරාම බෙරලිහෙල මාර්ගයේ මුතියම්මාගම ප්රදේශයේ දී බෙරලිහෙල සිට තිස්සමහාරාම දෙසට දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගයේ දකුණු පසට හැරවීමේ දී බෙරලිහෙල දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුරුව ත්රීරෝද රථය ඇදී ගොස් ගේට්ටු කණුවක ගැටීමෙන් ය.
ත්රීරෝද රථයේ පිටුපස ගමන් ගත් කාන්තාවක් සහ එහි රියදුරු බලපතල තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙයි.
අනතුර සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසියේ ක්රියාකලාපය පිළිබඳව ප්රදේශවාසීන් පොලීසිය ඉදිරියේ සිය අප්රසාදය පළකර ඇත.