කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ,මෙරට තුළ පවත්නා ජෛව විවිධත්වයට හා පසට කිසිදු අහිතකර පොහොර වර්ගයක් ආනයනය කිරීමට කටයුතු නොකරන බවයි.
ඔහු සඳහන් කළේ ,රට තුළ කාබනික පොහොර ගොඩබෑමට අවසර දෙනු ලබන්නේ එම අදාළ පොහොර සාම්පල වරක් නොව දෙවරක් පමණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව බවයි.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් අචාර්ය අජන්ත ද සිල්වා මහතා මෙම අදහස් දක්වා ඇත්තේ මහනුවර, පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.