දකුණු පාලාතේ ගාල්ල ප්රදේශයට අද ඇදහැළුණු අධික වැසි හේතුවෙන් ගාල්ල නගර ප්රදේශය ජලයෙන් යටවී තිබිණි.
ගාල්ල නගරය අවට මාර්ග වන ගාල්ල බද්දේගම මාර්ගයේ තලාපිටිය හා දන්ගෙදර ප්රදේශද ගාල්ල වක්වැල්ල මාර්ගයේ ගාල්ල නගර හා සංඝමිත්තා පාසැල ප්රදේශයද මෙලෙස ජලයෙන් යට වි තිබු බව වාර්තා වේ.
බලධාරීන් විසින් ජලය බැස යාමට ඇති ඇළ මාර්ග හා කානු පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම මෙම ජලය රැදීමට හේතුව බව ජනතාව පවසාතිබේ.