නිව්යෝර්ක් නුවර දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා මහතා අතර හමුවක් සිදු වී ඇති අතර එහි දී දෙරට අතර පවත්නා සමීප මිත්‍රශීලී රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සිහිපත් කළ රාජ්‍ය නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද එහි දී සාකච්ඡා කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ ,ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට්හි සේවය කරන බව පෙන්වා දෙමින් තවදුරටත් පුහුණු ශ්‍රමිකයින් සඳහා අවස්ථාව විවෘත කර දෙන ලෙස ජනාධිපතිවරයා විසින් මෙහි දී ඉල්ලීමක් සිදුකළ බවයි.
මේ වන විට ලෝක වසංගතයක්ව පවතින කොවිඩ් ගැටලුව පාලනය කිරීම හා රට තුළ මේ වන විටත් ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ සඳහන් කළ ජනාධිපතිවරා සඳහන් කර ඇත්තේ මෙම වසංගත පහවගොස් ලෝකය විවෘත වීමත් සමග ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පිළිබඳය.
ජනාධිපතිවරයා විසින් ,වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්රයන්ගේ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන පිළිබඳව ද කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කර ඇත.
එසේම ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ ආහාර සුරක්ෂිතතාව ,අධ්‍යාපනය ,තොරතුරු තාක්ෂණය සහ ෆයිබර් ආරක්ෂාව ආදී කරුණු රාශියක් පිළිබඳව රාජ්‍ය නායකයින් අතර කථා බහට ලක් වූ බවය.
අද (21) දිනයේ දී එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ වීමට නියමිතය.